මුල් පිටුව
අපි ගැන
පරිපාලන ව්‍යුහය
පිහිටීම මුල් කරගත් තොරතුරු
සංඛ්‍යාන තොරතුරු
සේවා මධ්‍යස්ථාන
සලසන සේවාවන්
වැදගත් සිදුවීම් දින දර්ශනය
ව්‍යසන කළමනාකරණය‍
පොදු නිවේදන
විශේෂ ව්‍යාපෘති
ප්‍රකාශන
ප්‍රවෘත්ති සහ සිදුවීම්
බාගත කිරීම
විමසුම්
පින්තූර පෙළ

 
 

ඌව පළාතේ දර්ශණිය ස්ථාන

යුදගනාව රජ මහ විහාරය
බුදුරුවාගල රජ මහ විහාරය
කතරගම දේවාලය
 
 
 
 
 
 

අපගේ දැක්ම

අස්වැද්දුමෙන් වෙල්ලස්සේ ප්‍රජා උදාව............

අපගේ මෙහෙවර .....


වෙල්ලස්සේ අපට ඇත්තේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයකි.

එහි මුළු ඉතිහාස කථාව සටන්වලින් පිරි කථාවකි.නිරතුරුවම සමාජ අසාධාරණය නොඉවසූ වෙල්ලස්සේ ජනයා එවැනි තත්ත්වයන්ට විරුද්ධව රැස්වූහ.සටනට එක්වූහ.සටන් පණ පෙවූහ.ඔවුන්ට තිබුණේ නිසඟ සටන් හැකියාවකි.මේ රට ආක්‍රමණය කළ බොහෝ ආක්‍රමණිකයෝ එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කල් ඇතිව සැලසුම් කළහ.
ලක්දිව එක්සේසත් කළ රජවරුන් අතර වෙල්ලස්සේ ජනතාව වෙල්ලස්ස සිය ජයබිම කරගත් රජවරුන් සෑහෙන සංඛ්‍යාවකි.සිංහල රාජාවලියේ සුවිශේෂි රජවරුන් වූ ඔවුන් මුළු ලක්බිම සිය අණසක යටතට පත්කොට එක්සේසත් කොට පාලනය කළහ.ඓතිහාසික සාධක විසින් ස්ඵුඨ කර ඇති පරිදි ඒ රජවරුන්ට ශක්තියක්,ධෛර්යයක් වුනේ ඒ වෙල්ලස්සේ  ජනතාවෝය.

  • මහා රාවණා රජු
  • කාවන්තිස්ස රජු
  • දුටුගැමුණු රජු
  • සද්ධාතිස්ස රජු
  • නිශ්ශංකමල්ල රජු
  • මහා විජයබාහු රජු
  • පරාක්‍රමබාහු රජු
  • සුගලා දේවිය
  • මහාභරණ රජු
  • බුවනෙකබා ඈපා රජු

 

ආදි රජවරුන් මේ දේශයේ අසහාය නායකයින් බවට පත් කිරීමට වෙල්ලස්සෙන් ලැබුනේ නොමඳ ශක්තියක් බව දන්නෝ විරල නොවෙති.රජ පෙලපතේ නවවන මූල සාධකය වූ වෙල්ලස්ස මූලික ආර්ය ජනතාවගේ පිහිටුවීමේදී ද වැදගත් වූ බවට සාක්ෂි ඇත.කුඹුක්කන් ඔය,හැඩ ඔය යන ගංඟා ධරයන් ආශ්‍රීතව පිහිටි ආර්ය ජනාවාස පිළිබඳව අපට ඓතිහාසික සාධක පෙන්වා දී ඇත.
පශ්චාත් කාලීන ඉතිහාසඥයින් විසින් නූතන අධිරාජ්‍ය වාදයට ගැතිකම් දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස අද වෙල්ලස්ස පසුගාමී කලාපයක් වුවද ජාතියට බත සපයා ඇත්තේ වෙල්ලස්සෙන් බව මතක තබා ගත යුතුය.වෙල්ලස්සේ ඉතිහාසය ග්‍රන්ථ කාරකයින් විසින් සිය මතයට අනුව වෙනස්  කර දැක්වීමට ක්‍රියාකොට ඇතත් ශේෂ ගතව ඇති සාධක විසින් එවැනි පටු සටහන් නිශ්ප්‍රභා කර ඇත.

 

අට දහස් රට උදුන්දොර රාජධානිය

            වෙල්ලස්සේ වර්තමාන ගම සිය නිජබිම කරගත් මහා විජයබාහු කුමරා මෙම දේශය එක්සේසත් කරමින් එහිදි පුලස්ති පුර හෙවත් වත්මන් පොලොන්නරුව සිය රාජධානිය කරගෙන ඉතා දිගු කාලයක් රජකමි කළේය. එහිදි ඔහුගේ පුත්‍රයකු වු වික්‍රමබාහු කුමාරයා යුව රජ තනතුරට පත් කොට රුහුණට එවා ඇත ඉතා දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ රැදි රට පාලනය කල විජයබාහු රජු  අභාවයට පත් වීම නිසා පොලොන්නරු එකී භික්ෂුන් වහන්සේලා සහ ජනතාව එක්ව විජයබාහු රජුගේ සො‍හොයුරෙකු වු ජයබාහු හට රට පාලනය පවරා ඇත.එහි යුවරජු තනතුරට විජයබාහු රජුගේ  සොහොයුරිය වු මිත්තා කුමරියගේ පුත්‍රයකු වු මහාභරණ හට පැවරුහ. ජයබාහු හා මහාභරණයන් එක්ව රුහුණ පාලනය කළ වික්‍රමබාහු පලවා හැරීම සදහා සටන් මෙහෙය වූහ. ‍මේ බව දැනගත් වික්‍රමබාහු යුව රජු සේනා රැස් කරගෙන බුත්තලදී දෙපිරිස මුන ගැහීමෙන් මහත් යුද්දයක් ඇති විය මෙම සටනේදී වික්‍රමබාහු ජය අත් කරගන්නා ලදී. මෙහිදි ජයබාහු ඇතුලු පිරිස පරාජය වී ආපසු පොලොන්නරුවට  පලා ගියහ. තමන්ට සිදුවු අගතිය පිළිබද සිතා වික්‍රමබාහු මයා සේනාවක්ද සමග පොලොන්නරුවට කඩා වැදී ජය පරදවා පොලොන්නරුවද අල්ලා ගත්තේය.මේ සටනින් ජයබාහු පැරදුනා පමනක් නොව එම ප්‍රෙද්ශයේ ජීවත් වීමද  අනතුරුදායක බැවින් මිත්තා කුමරියත් සිය පුතුන් වු  මහාභරණ කීර්ති ශ්‍රි මේඝ,ශ්‍රි වල්ලභද ඇතුලු පිරි පාලනය කළහ.

ශ්‍රී වල්ලභට අත්වුයේ අටදහස් රටයි.අටදහස් රට ඉතා සුවිශේෂී ආරක්ෂිත‍ ප්‍රදේශයකි.කිරිඳිඔය, බටහිරිනුත් දතුණෙන් මුහුදු තීරයත් ,උතුරින් මහවැලි නඳියත් අට දහස් රටේ සුවිශේෂි විය. වර්ථමාන වෙල්ලස්ස ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශයේ එදා අගනුවර වුයේ උදුන් දොරයි.

”උද්ධ්වනද්වාර ”උදුන් දොර” නමින් හදුන්වන මෙම ප්‍රදේශය  අද ගලබැද්ද නමින් හඳුන්වන ඉතා විශේෂ දේශගුණික සාධක වලින් යුතු සෞම්‍ය ප්‍රදේශයකි. රජවරුන්හට සුව දායක පරිසරයක් වු මෙහි  තිබිය යුතු ආරක්ෂිත ‍භෞතික ලක්ෂණ ද පවති. එහි සතර දිශාවෙන් කෙදිසාවක් ම කඳු වැටි වලින් සීමා වී ඇත. එම ආරක්ෂාකාරී තත්වය නිසාම ශ්‍රී වල්ලභ කුමරු උඳුන්දොර සිය රාජධානිය  කරගන්නට සිතුවා වී හැකිය. යම් හෙයකින් තමන්ට විරුද්ධව සතුරු සේනාවෝ පැමිණියත් කඳු මුඳුන් වල නිරීක්ෂණ ස්ථාන පිහිටුවීමෙන් කල් ඇතිව එම සේනා ආගමනය දැනගැනීමටත්  ඔවුන්ට විරුද්ධව ප්‍රහාරක බල ඇණි පිටත් කර වීමටත් හැකියාව ලැබේ. කෙසේ වුවද අට දහස් ර‍ටේ අගනගරය ලෙස උදුන් දොර පෙන්වාදීම සදහා අවශ්‍ය තරම් සාධක,හා නටබුන්ද එහි පවති.

වර්තමාන ගලබැදදේ පිහිටි බිසෝකොටුව ශ්‍රී පාන  මාලිගයක නටබුන් ආදිය නිරීක්ෂණය කළ විට ස්වභාවිකවම ආරක්ෂිත රාජධානියක් ලෙස උදුන් දොර සැලකීමට හැකිය.එය එක්තරා ලෙසක ස්වභාවික බලකොටුවක් වැනිය .ස්වභාවයෙන්ම සෑදුන දිය අගල් කඳු ගහනයෙන් සැකසුනු ප්‍රාකාරය ආදිය නිසා උදුන්දොර ආරක්ෂිත ස්ථානයක් විය.

එහි පවත්නා භෞතික සම්පත්ද රාජධානියකට සුදුසු සේ නිර්මාණය වී ඇත. මනහර කදු වැටියෙන් ගලා එන  සුපිරිසිදු සීතල ජලය තැනතැන පිහිටි බහිස් කදු තැනිතලා බිම් ‍පෙදෙස්, එයට සාධක ලෙස හදුන්වා දිය හැකිය.ඉතිහාසයේ  බොහෝ රජවරු තමන්ට ඇතිවන උවදුරු අවස්ථාවල මේ අට දහස් රට රාජධානියේ ආරක්ෂාව පතා පැමිණි බව ඉතිහාසය හදාරන විට අපට හමුවේ.
රජවරු,සෙන්පතිවරු ආදීන් පමණක් නොව බෞද්ධ භික්ෂූන් වහන්සේලාද තමන්ගේ මෙන්ම දළදා වහන්සේ, පාත්‍රාධාතුන් වහන්සේ  ආදියේ ආරක්ෂාව පතාද මෙම රාජධානියට පැමිණ වාසය කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.ප්‍රදේශයේ පවත්නා සෙල්ලිපි ,වෙහෙර විහාර ,ගිරි ලිපි ආදියෙන් ඒ බව ස්ඵුඨ කොට ඇත.

උදුන් දොර රාජධාණියේ දීප්තිමත් යුගයක් වුයේ ශ්‍රී වල්ලභගේ බිසව වු සුගලා දේවියගේ  රාජ්‍ය පාලන යුගයයි. වර්තමාන ගලබැද්ද බිසෝ කොටුව , ශ්‍රී පාන රාජමාළිගය  ආදිය සුගලා බිසව වෙනුවෙන් ඉදිවු ඒවා බවට සාක්ෂි ඇත. සුගලා දේවිය පැරකුම්බා රජ යුද වැද ජයගන්නා තුරුම උදුන්දොර සිට  අටදහස් රට පාලනය කළාය.

අට දහස් රට සෞම්‍ය හා සශ්‍රීක ප්‍රදේශයක් වූවා සේම උදුන් දොර රාජධාණියේ ජීවත් වු ජනයාද ස්වයං තීරණ ගැනීමේත් ස්වීයත්වය රැකීමේත් සටනේත් මහත් සුරු විරුවෝ  වූහ.ඔවුහු සහජයෙන්ම අසාධාරණය නොඉවසූහ. ඔවුන් තුල වුයේ “ යථාවාදී තථාකාරී ගුණයයි.” එයට පිටුපාන සෑම විටම ඊට විරුද්ධව නැගීසිටි ඔවුහු ස්වයං පෝෂිත භාවයෙන් හා ආධ්‍යාත්මීය සංවරයෙන් යුක්ත වූවෝය.

විශේෂයෙන් නොලියවුනු ඉතිහාසය ගැන සිය “අට දහස් රටේ අප්‍රකට පුණ්‍ය භුමී ” නැමති ග්‍රන්ථයේ කරුණු සඳහන් කරන දඹගල්ලේ කේ.බී.රත්නායකයන් සඳහන් කරන්නේ මේ උදුන් දොර රාජධාණිය  ආරක්ෂිත රාජධාණියක් වුයේ අපේ ලියවුණු  රාජාවලියට අයත් කාලයේ  පමණක් නොව රාවණා යුගයේදී ද එය රාජධාණියක්ව තිබු බවට සාධක ජනප්‍රවාදයේ සැළැවෙන බවයි.

 මේ අනුව පැහැදිලි වන්නේ උදුන් දොර රාජධාණිය සිංහලේ රාජධාණි අතුරින්, අනුරාධපුර ,පොළොන්නරු රාජධාණිවල මූලික ආභාසයද ඇතිව දිගු කාලයක් මුළුල්ලේ පැවති සශ්‍රීක රාජධාණියක් බවයි.

 
©Copyright by wellassa.lk. All Rights Reserved

වෙල්ලස්ස සංවර්ධන සංසදයේ

ගරු සභාපති

 


 

වෙල්ලස්සේ පුවත්

 
වෙල්ලස්සේ ඉතිහාසය